
(චාන්දනී දිසානායක සහ හිරාන් ප්‍රියංකර)
ප්‍රශ්න පත්‍ර බෙදාදීමේ සිදු වූ බව අක්‍රමවත් පිළිවෙත හේතුවෙන්, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 6 සිට 11 ශ්‍රේණි දෙවන වාර පරීක්ෂණය කල් දැමීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය තීරණය කළාය.
උක්ත කරුණට අදාළව වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හරින ආයතනය විසින් ජුලි 6 දින ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කොට්ඨාස කාර්යාල වෙතට ලබා දීමට නියමිතව තිබුණ ද, මුල් දින හතරට අදාළ ප්‍රශ්න පත්‍ර පමණක් අක්‍රමවත්ව කොට්ඨාස කාර්යාල වෙත ලැබුණු අතර, පිළිතුරු පත්‍ර මේ වන තෙක් බෙදා දී නොමැති බව දැන ගන්නට ඇත.
එම ආයතනය ජූලි 15 දින සිට ජුලි 20 දින දක්වා නියමිත ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර මුද්‍රණය කර, පාසල් අනුව පැකට් කර, අදාළ කොට්ඨාස කාර්යාල වෙතට ජුලි 19 වන ඉරිදා දිනයට පෙර බෙදා හැරීම සිදු කළ නොහැකි බව ලිඛිතව දැනුම් දී ඇත.
වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 - 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්ෂණය පුලි 09 සිට ජුලි17 දක්වාත්, 10 - 11 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්ෂණය ජුලි 09 සිට ජුලි 20 දක්වාත් පැවැත්වීමට සැලසුම්කර තිබිණි.

