වනාන්තර රකින්න රනිල් අත ගසයි


(අංජුල මහික වීරරත්න)

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා((4) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

සිංහරාජය රකින හරිත වසරක් යන ප්‍රකාශය ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය .

එක්සත් ජාතික පක්ෂයේ ද වර්ණය වන කොළ පැහැය යොදා ගනිමින් ඉදිරියේදී රට පුරා වනාන්තර ඇතුළු පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති අතර අනාගත එජාප රජයක් යටතේ කිසිවකුටත් බලපෑම් කළ නොහැකි පරිසර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම පිළිබදවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කරනු ඇතැයි අපේක්ෂිතය .