
(නිමල කොඩිතුවක්කු)
රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් කොළඹ තුම්මුල්ල මංසන්ධියේ දී අද(06) දැවැන්ත විරෝධතාවයක් පැවති අතර විරෝධතාව අතරතුර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය වෙත සංදේශයක් භාර දීමට ද පිරිස කටයුතු කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව සිදු කෙරිණ.
‘‘මතු පරපුරේ හුස්ම රැකගන්නට වන විනාශයට එරෙහිව හඬ නගන්නට” තේමාවෙන් විරෝධතාවය සංවිධාන කර තිබිණ. පෙරවරු 10.00 ට පමණ කොළඹ තුන්මුල්ල මංසන්ධියට රැස්වූ විරෝධතාකරුවේ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූහ.










