
(කාංචන කුමාර ආරියදාස )
සීගිරිය කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වන අලියෙකු බිත්තිය පෙරළා දැමීමෙන් එයට යට වූ 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ සීගිරිය කිබිස්ස ප්‍රදේශයේම පදිංචි අවින්ත ඉශාන් සමරනායක නැමැති තරුණයෙකි.
ඔහු සීගිරිය ප්‍රදේශ්යේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි ඇත.
වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු එම වී ආහාරයට ගෙන මෙම තරුණ පිරිස නිදාගෙන සිටි බිත්තියට පහරදී ඇතැයි පොලිසිය කියයි.


