වන අලියකුගේ පහරදීමකින් අනූ නවයෙන් දිවි ගලවා ගනි


(රෝවන් පෙරේරා) 
 
 වන අලියකු පහරදීමකින් පුත්තලම මානවේරිය ප්‍රදේශයේ මාර්ගයක ධාවනය කරමින්  තිබූ කුඩා ලොරි රථයකට  දැඩි අලාභ හානි සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
                                            
ලොරි රථය පාරෙන් ඉවතට පැන නතරවී ඇති අතර එහි රියදුරු දැඩි පරිශ්‍රමයක් දරා දිවි බේරා ගෙන තිබේ.  
                                    
ඊයේ(25) රාත්‍රියේ 11.00ට පමණ මෙම වන අලි පහරදීම සිදු වී තිබේ.
                           
මාර්ගය අසළ පිහිටි නිවසක් දෙසින් කෑ ගසමින් දිව ආ වන අලියා ලොරි රථයට පහරදුන් බවත් ගම්වාසීන් එම ස්ථානයට දිව ඒමත් සමඟ වන අලියා පලාගිය බවත් රියදුරු පැවසුවේය. 
                                     

සෙල්ලන්කන්දල් රක්ෂිතයේ සිටින වන අලි නිරන්තරයෙන් ගම්වදින බවත්, සිවිල් ආරක්ෂක බලකාය විදුලිවැට ප්‍රමාණවත්ව නඩත්තු නොවන හෙයින් එහි  වගකීම ගමේ ජනතාවට ලබා දෙන ලෙසත් ගම්වාසීහු ඉල්ලා සිටිති.