වන අලියකු පහරදී එකම පවුලේ තිදෙනෙකු රෝහලේ


(කාංචන කුමාර ආරියදාස)

පලාගල ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට වන අලියකු   පහරදී ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි අඹු සැමි යුවළක් සහ එම දෙපළගේ මිනිබිරියක බරපතල තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.


මෙසේ වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කරවිලගල ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. ඒකනායක (60)  සිරිමා අයිරාංගනී (55) සහ එම දෙපළගේ දියණිය ගේ කුඩා  දියණිය වු  වයස අවුරුදු 3ක දියණියක් බව ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේය.


අවුකන ප්‍රදේශයේ සිය දියණියගේ නිවසට ගොස් මෙම යුවළ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වන අලියා එකවරම ප්‍රධාන මාර්ගයට කඩා පැන පහර  දී ඇතැයි අනාවරණය වී තිබේ.


 ත්‍රීරෝද රථයට සහ මෙම පුද්ගලයන්ට පහර දුන් වන අලියා ඊයේ (12)  අලුයම වන තුරුම කරවිලගල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකටම කඩාවැදී දේපළ  විශාල වශයෙන් අලාභ හානි  කර  ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.


 ඊයේ රාත්‍රිෙය්දී මෙම සිදුවීම වු බවද පොලීසිය සඳහන් කළේය.


වසර ගණනාවක සිට මෙම අලින්   විදුලි වැටක් ඉදිකිරීම සඳහා උත්සාහ කළ ද දේශපාලන අධිකාරියේ මැදිහත් වී එය නතර කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.