වන අලියකු පහර දී ඉන්දීය ජාතිකයකුට තුවාල


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී  අද(26) වන අලියකු පහරදීමෙන් ඉන්දීය ජාතිකයකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලබා ඇත්තේ, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රෙදේශයේ රේකදෙව්පුරම් පදිංචි 32 හැවිරිදි දලයියා රේඩි නැමති අයෙකි.

ඔහු පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි පරණ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි අයෙකි.
 
ඔහු කර්මාන්ත ශාලාවේ සිට පිටතට පැමිණීමේදී වන අලියා පහර දී කැලයට රැගෙන ගොස් තිබූ බවද, දැඩි පරිශ්‍රමයක් දරා අනෙක් සේවකයින් අලියා එලවා දමා ඔහු  බේරාගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද අනාවරණය වී ඇත.

ඉන් පසුව වන ජීවි නිලධාරීන් එහි පැමිණ කර්මාන්ත ශාලා භූමියේ සිටි අලියා ආසන්න රක්ෂිතයකට පළවා හැරීමට කටයුතු කර තිබුණි.