වතුපිටිවල ආයෝජන කලාපයේ නවාතැන්පලවලට අවසරගැනීම අනිවාර්යයි



(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 
වතුපිටිවල ආයෝජන කලාපය ආසන්නයේ අලුතෙන් තාවකාලික නවාතැන්පලවල් ආරම්භ කරන්නේ නම් නිසි අවසරයක් ලබා ගන්නා ලෙස  ලෙසට අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රදේශයේ ජනතාවට උපදෙස් දෙයි.
 
වතුපිටිවල ඇඟළුම් කර්මාන්ත ශාලාවන්ගෙන් හමුවූ කොවිඩ් ආසාදිතයින් 22 දෙනාගෙන්   15 දෙනෙකු අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් බව හෙළි වී ඇත. 
 
මේ හේතුව මත  වතුපිටිවල ආයෝජන කලාපය ආශ්‍රිතව තාවකාලික නවාතැන් ආරම්භ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් පසුව   මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කිරීමටත් ඉන් අනතුරුව සුදුසුනම් පමණක් අවසර ලබාදීමටත් නියමිතය.