(රංජිත් රාජපක්ෂ )
හැටන් පොලිස් වසමට අයත් හැටන් ඩන්බාර් තේ වතු යායේ ඉඩම් වලින් පර්චස් 20 පමණ කොටසක් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වතු පාලන අධිකාරිය විසින් ලබාදිමට විරෝධය පාමින් එම වතු යායේ වතු කම්කරුවෝ අද (07) වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
තේ වත්තේ වසර ගණනාවක් වැඩ කරන තමන්ට නිවසක් හෝ වගා කිරිමට කිසිදු ඉඩම් කැබැල්ලක් වතු පාලන අධිකාරිය විසින් ලබා නොදි පිටස්තර පුද්ගලයෙකුට තේ වත්තෙන් ඉඩම් කැබැල්ලක් ලබාදිමට තමන් ඉඩ ලබානොදෙන බව උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියහ.
උද්ඝෝෂණය අතරතුරට පැමිණි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරයෙකුටද උද්ඝෝෂණයේ නියැලි පිරිසගෙන් දැඩි විරෝධයක් මතු වූහ.
තේ වතු සතු ඉඩම් වතු පාලන අධිකාරිය විසින් මෙසේ පිටස්තර පුද්ගලයන්ට ලබාදිම සම්බන්ධයෙන් තම වැටුපෙන් ජිවත් වන වතුකරයේ වෘත්තිය සමිති නායකයින් කිසිදු පියවරක් ගන්නා බවටද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවෝ පැවසිය.ෙ