වතුකරයේ දැඩි පොලිස් රැකවල්


(ශාන්ත චන්ද්‍රසිරි)

(ශාන්ත චන්ද්‍රසිරි)

රජය විසින් පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තලවකැලේ නගරය ඇතුළු උඩරට වතුකරය තුල දැඩි පොලිස් ආරක්ෂක වැඩසටහනක්  ක්‍රියාත්මක කොට තිබිණි.

උඩරට වතුකරයේ සෑම නගර හා උප නගරවල මෙන්ම වතුකරය ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන් ආවරණය වන පරිදි මෙම පොලිස් ආරක්ෂක වැඩපිළිවෙල උඩරට පොලිස් ස්ථාන මගින් ආරම් කර තිබිණි.

කෙසේ නමුත් වතුකරයේ නගර හා උප නගර දැඩි පාළුවට ගොස් තිබු අතර සෞඛ්‍ය, විදුලිය, ජලය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා කටයුතු සිදු කරනු ලබන රථ වාහන හැර අන් කිසිදු වාහනයක් උඩරට මාර්ගයන්ගේ ධාවනය වීමක් සිදු නොවන අයුරු දක්නට ලැබිණි.