
(යොහාන් භාසුර)
වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 500 ක් වෙන්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයට ලබන 19 වැනිදා එළඹෙන බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම කැඳවුම්කරු ඇන්ටන් මාකස් මහතා අද (17) පැවසීය.
එම මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනය කරමින් සිටින බව කී ඇන්ටන් මාකස් මහතා එම අධ්‍යනයෙන් පසුව අවසන් තීරණයකට එන බව ද සඳහන් කළේය.
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සමඟ තවත් විශාල සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන වෘත්තිය සමිති රැසක් සන්ධානගතව සිටියි.
වතු කම්කරුවන්ගේ දැනට පවතින රුපියල් 1,350 ක් වන දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා වැඩි කරන්න මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර එම වැඩි වන රුපියල් 400 න් රුපියල් 200 වතු හිමියාත්, ඉතිරි රුපියල් 200 ක මුදල රජය රජයත් ගෙවීමට අයවැයෙන් යෝජනා කළේය.

