(ප්‍රසංග පෙරේරා සහ සරත් චින්තක)
වත්තල ප්‍රීතිපූර මුහුදු තීරයේ දිය නෑමට ගොස් ගසාගෙන ගිය පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු නාවික හමුදා නිලධාරීන් විසින් සොයා ගනු ලැබූහ.
පාසල් සිසුන් සිව් දෙනකු එක්ව මුහූදේ දියනාමින් සිටියදී දෙදෙනකු මුහුදු රළකට හසු වී මුහුදේ ගසාගෙන ගොස් අතූරදහන්වූ බව පොලීසිය පවසයි.
නාවික හමුදා කිමිදුම් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ මෙහෙයුමේදී අ සිසුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී ඇත.
මෙලෙස මුහුදේ දිය නෑමට ගොස් මියගොස් තිබුණේ මහර කුමාර විදුහලේ දහය වසර අධ්‍යාපන ලැබු සිසූන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
කේ.කේ. රුවින්ද පුන්සර (15) වයි. එම්. සංචිත සදකැළුම් (15) යන සිසුන් දෙදෙනා මෙසේ මියගොස් ඇත.

