ලෝකාන්තය බලන්න ආ 10 දෙනෙකුට බඹරු අනිති


(නිශාන්ත කුමාර)

පස්සර පිටමාරුව ප්‍රදේශයේ පිහිටි පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය 10 දෙනෙකුගෙන් යුත් තරුණයින් පිරිසකට අද (30) දහවල්  බඹර ඇන ඇති අතර  බරපතල තත්වයේ පසුවූ ඉන් 5 දෙනෙකු  මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

පිරිස සමඟ පැමිණි සෙසු පස්දෙනාටද බඹරුන් කීපදෙනෙකු ඇන ඇති අතර ඔවුන් රෝහල් ගත කර නොමැත.   

බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කළුතර සිට පිටමාරුව පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණ එහි කඳවුරු ගසාගෙන සිටි අවුරුදු 20-25 වයස්වල පසුවන තරුණයින් දසදෙනෙකි.

පුංචි ලෝකාන්තය ප්‍රදේශයේ  පිහිටි රක්ෂිතය තුළ වූ බඹර  කූඩුවකට උකුස්සකු පහරදීමෙන් පසුව ඇවිස්සුණු බඹර රංචුවක් මෙම පිරිසට පන්න පන්නා පහරදී   ඇතැයි පොලිසිය පවසයි.