ලෝක ආහාර සංවිධානය ලංකාවට එයි


 

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර සංවිධානයේ (World Food Programme)නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව ලෝක ආහාර සංවිධානය දැනුවත් කළ බවත් එම සංවිධානයේ නියෝජිත පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟතාවය පළ කළ ලෝක ආහාර සංවිධානයට කෘතඥතාවය පළ කරන බවත් අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අගය කරන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.