ලොකු මෝරු 18ක් සතොසට පොලු තියලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුලමහික වීරරත්න)

සුදුසු පරිදි ගොඩනැගිලි  ඉදිකිරීම්  නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සතොසට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බව කෝප් කමිටුව පවසයි

ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා  රුපියල්  34,234,996ක අත්තිකාරම් මුදලක් ඇස්තමේන්තුවක් ලබාගැනීමකින් තොරව ගෙවා තිබුණු බවද  මෙහිදී හෙළි විය.

ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අත්තිකාරම් නොගෙවන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි  ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම නඩු පවරා ඇති බවද  මෙහිදි අනාවරණය විය.