ලේක් හවුස් මාධ්‍යවේදියකුට පහර දීලා


(දසුන් රාජපක්ෂ)

ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය හා ඩිජිටල් අංශයේ ප්‍රධානී මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතාට එම ආයතනයේ වෘත්තීය සමිතියකට අයත් යැයි කියන පිරිසක් විසින් පහරදි තිබේ.

රැස පුවත්පත කාර්යාලයට ගිය අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී 15 කට ආසන්න පිරිසක් තමාව පාලු ස්ථානයකට කැඳවාගෙන ගොස් බැණ තර්ජනය කර පහරදුන් බව මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට පැමිණිලි කර තිබේ.

සේවයට වාර්තා කළහොත් නැවත වරක් පහරදෙන බවට පහරදුන් පුද්ගලයන් තර්ජනය කළ බවද තමා එළැබී ප්‍රතිපත්තිමය තීරණයකට  අනුව ලේක්හවුස් ආයතනයෙන් ඉවත්වීමේ ලිපිය දෙසැම්බර් මාසයේ මුල් සතියේ පාලනාධිකාරියට බාරදී තිබුණු බවද මධුක තක්සල ප්‍රනාන්දු මහතා ගෙන් කළ විමසීමකදී වැඩිදුරටත් කීය.

පහරදීම සම්බන්ධයෙන් මධුක තක්සල ප්‍රනාන්දු මහතා ලේක්හවුස් පාලනාධිකාරිය දැනුම්වත් කර තිබේ.