
(ඩයනා උදයංගනී)
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් සිහිකිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම ප්‍රහාරයන් එල්ල වූ දේවස්ථානයක් වෙත අද (4) පෙරවරුවේ පැමිණියහ.
ප්‍රහාරයේ වින්දිතයන් සමඟ එක්ව සොව පළ කිරීමේ ආගමික මෙහෙයන්ද එම දේවස්ථානවල පැවැත්විණි.
පාස්කු ඉරුදින එල්ල වු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් වැඩිම හානි සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ද පැමිණි කාදිනල්තුමෝ එහි ඇති ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් ප්‍රහාරය සිදුවූ ස්ථානයේ යාඥා කළ අතර මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් සමඟ පිළිසඳරක ද නිරත වූහ.
පෙරවරුවේ පැවති පාස්කු මංගල දේව මෙහෙයෙන් අනතුරුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි සිදුවු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දේවස්ථානය වටා විථි සංචාරය කරවීම ද සිදුවූ අතර එම අවස්ථාව සඳහා ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් එක්ව සිටියහ.
අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිවූ ස්මාරකයට හා දේහයන් ආදාහනය කෙරුණු සුසාන භූමියේ පුෂ්පෝහාර දැක්වීමද සිදුකෙරුණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ










