(ටී.කේ.ජී.කපිල )
මැදපෙරදිග ලෙබනන - ඊශ්‍රායල යුද්ධය නිසා , අසරණ වූ , ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
කුඩා ළමයින් 05 දෙනෙකු , කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පිරිසට අයත් වී තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සදහා සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පියවර ගෙන තිබුණි .
ඒ අනුව මේ වනවිට ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු මේ අකාරට රැගෙන විත් තිබේ .