(මනෝප්‍රිය ගුණසේකර)
නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කළාය.
රුපියල් 25000/-ක දඩ මුදල නොගෙවුව හොත් මාස 06ක සිරදඬුමක්ද නියම කළාය.
චෝදනාවන්ට වරද පිළගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ගේ බලයලත් නියෝජිතවරයකුටය.
නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.
2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබිණී.
එම නඩුවේ සාක්කිකරුවන් වශයෙන් සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මිය ඇගේ පුත්‍රයා වන සනත් කුමාර අතුකෝරල” ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා ඇතුලු 06 දෙනෙකු නම් කොට ඇති අතර නඩු භාන්ඩ වශයෙන් මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට රෝහලෙන් නිකුත් කළ බිල්පත ඇතුලු ලේඛණ 06ක් නම් කර තිබිණී.
උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ වර්ග අතුරින් ඖධෂ වර්ග 11ක් එම ඖධෂ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වු වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව ඖධෂ නියාමන අධිකාරිය වගුවක අකාරයෙන් අධිකරණයට පෙන්වා දී තිබිණී.

