(යොහාන් භාසුර)
ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වාත්, පොල් ගෙඩියක මිල රුපියල් 180 ත් 230 ත් අතර මිලක් දක්වාත් මිල අද (5) පස්වරුව වන විට ඉහළ ගොස් තිබූ බව පාරිභෝගිකයෝ පවසති.
පාකිස්තාන් ලොකු ලූණු ඇතුළු සෙසු ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 400 ත් 450 ත් අතර මිලක පවතින බවත් ලූණු මිල අඛණ්ඩව ඉහළ යමින් ඇති බවත් ජනතාව මැසිවිලි නඟති.
පිටකොටුව තොග වෙළෙදපොලේ ඉන්දීය ලූණු තොගවල හිඟයක් ද පවතින බවත් එහි ලූණු කිලෝවක තොග මිල රුපියල් 400 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ කියති.
මීට මාස කීපයකට පෙර රුපියල් 40 ත් 60 ත් අතර මිලක පැවැති කුඩාම පොල් ගොඩියක මිල රුපියල් 180 ක් බවට පත්ව තුන්ගුණයකින් පමණ මිල ඉහළ ගොස් ඇති බවත් පොල් වෙළොන්දෝ පවසති.