ලුනු ගැන අනිසි බියක් එපා


(සනත් ගමගේ)

ගිනි ගත් නැවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වුවත් මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පවසයි.

රටේ ලුනු හිඟයක් කිසිවිටක ඇති නොවන බවට සහතිකයක් දෙන බව ද ඒ මහතා කියයි.

රටේ ලුනු නිෂ්පාදනයට නැවේ ගින්න බලපෑමක් එල්ල වන බවට සමාජය මත විවිධ මත ප්‍රචාරය වීමත් සමඟම පාරිභෝගිකයෝ වෙළඳ සැල් කරා පැමිණ ලුනු පැකට් වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළෙඹී සිටිති.

අනවශ්‍ය ලෙස ලුනු එක් රැස් කිරිමෙන් ලුනු මිල පවා ඉහල යෑම සිදු‍වන බව පාරිභෝගිකයෝ පවසති. ‍ෙ

මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් ලුනු නිෂ්පාදනයට එය බාධා නොවන බවයි.  නැව මුහුදු බත් වීම හා ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික දව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරනයෙන් එම සියළුම අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය සියල්ල ඉවත් කරන බව ද .

ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් පමනක් මගින් ලුනු නිෂාපදනයට යොදා ගන්නවා එවිට මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතවන්නේ නැහ. දැනට වුවත් මුහුදු ජලයේ විවිධ රසායනික දව්‍ය රැසක් තිබෙනව. මෙම නැව මගින් පමනක් නොව වෙනත් මාර්ග වලින් පවා මුහුදු ජලයට විවිධ දෑ එකතු වෙනවා. ඒ සියල්ලම නිස්සාරනය කිරීමට වාෂ්පී කරනයෙන් හැකියාව තිබෙන බව ද නීතිඥ නිශාන්ත සඳබරණ මහතා කියයි.