ලුණුගලට නව උ.පෙ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්


(සමන් පාලිත නානායක්කාර )

අයහපත් කාලගුණය හමුවේ මාර්ග පද්ධතියට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් ලුණුගල  මහ විද්‍යාලයේ අද (03) දින උසස් පෙළ විභාග කටයුතු සඳහා  නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය. 

හදිසි ආපදා තත්ත්වයකදී ඇතිවන කාලපමාව සහ ගැටලු අවම කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.

මැටිගහතැන්න සහ  වැල්ගොල්ල විද්‍යාලවල දූ දරුවන්ට විභාග මධ්‍යස්ථාන කරා පැමිණීමේදී දැනට පවතින මාර්ග අවහිරතා සැලකිල්ලට ගෙන අවශ්‍ය පහසුකම් සලසා දීමටද අවශ්‍ය  වුවහොත් නේවාසික පහසුකම් ලබා දීමටත් කටයුතු  කිරීමට සැලසුම් කර ඇති බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු  පැවසීය.

 ලුණුගල නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින්  විභාග මධ්‍යස්ථාන දෙකක් සම්බන්ධීකරණය කෙරේ.