ලුණු මිල වැඩි වෙයි


(මහින්ද නිශ්ශංක)

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ප්‍රමාණයේ ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරෙන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දන තිලක මහතා පැවසීය.

මෙම ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බව පැවසූ සභාපති නන්දන තිලක මහතා මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද සඳහන් කළේය.

ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූ බව ද ඒ මහතා පැවසීය.