
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ලි භාණ්ඩ හා කුෂන් පුටු නිෂ්පාදනය කරන දෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ එම ව්‍යාපාරික ස්ථානයේ මුරකරු ලෙස සේවය කල පිළියන්දල දම්පේ පදිංචිව සිටි හේවා වසම් හිම දුවගේ නිහාල් රංජිත් 57 යන අයයි.
මියගිය මුරකරු ගින්න නිවීමට උත්සාහ දැරීමේදී අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය කීපයකට පසු මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.

