ලිප ගිනි දල්වන්න දැව සංස්ථාවෙන් අලුත් අඟුරක්


(අංජුල මහික වීරරත්න)

ඉන්ධන හා ගෑස් ගැටළුවට විසඳුමක් ලෙස රාජ්‍ය දැව සංස්ථාව ඉවත ලන දැව භාවිතා කරමින්  දැව අඟුරු නිෂ්පාදනයක් හඳුන්වා දුන්නේය.

ඉවත ලන දැව කැබලි ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින්  දැව අඟුරු නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි මින් පෙර කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දී තිබිණි.

රාජ්‍ය දැව සංස්ථාව විසින් නිෂ්පාදිත දැව අඟුරු හඳුන්වා දීම  වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. 

මෙම දැව අඟුරුවල තාප ධාරිතාවය ඉතා ප්‍රශස්ත මට්ටමක ඇතැයි  කාර්මික තාක්ෂණ ආයතනය විසින් තහවුරු කර තිබෙන බව දැව සංස්ථාවෙි පර්යේෂණ හා පුහුණු අංශයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය සී. කේ. මුතුමාල මහතා ප්‍රකාශ කළේය.  

මෙම දැව අඟුරු කිලෝවක් රුපියල් 130ක මිලකට ලබා දීමට කටයුතු ඇතැයි ද   නිෂ්පාදනය පුළුල් කර ඉදිරියේ දී දිවයින පුරා බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි ද දැව සංස්ථාවෙි සභාපති එම්. එස් කරුණාරත්න මහතා පැවසීය

රාජ්‍ය දැව සංස්ථාව විසින් කපා ඉවත් කරන දැව  යොදා ගනිමින් ඉන්ධන හා ගෑස් අර්බුදයට විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස දැව අඟුරු නිෂ්පාදනයට පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය දැව සංස්ථා කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළේය.