ලිට්‍රෝ ගෑස් හෙටත් නෑ පෝලිම්වල ඉන්න එපා


(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (11) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය.

එම සමාගම සතුව ගෑස් තොග නොමැති බවත් ඒ හේතුවෙන් බෙදාහැරීමක් නොවන බව කී එම නිලධාරියා සැපයුම නැවත ආරම්භ කරන තෙක් පොලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.