(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට නැවත අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ගෑස් මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඇතුළු සෙසු පිරිවැය අනුව මෙම අඩුකිරීම ක්‍රියාත්මක වන බව ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.

