ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක්


(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක ද, ජූලි මාසයේ ද පවතින බව එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.