
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙටි්‍රක්ටොන් 3200 ක් සහිත නෞකාවක ගෑස් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගෑස් තොගය ද ගොඩබෑම අත්හිටුවා තිබේ.
එම නෞකාවේ ගෑස්වල ද ‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවීම නිසා ශ්‍රී ලංකාා ප්‍රමිති ආයතනය කළ පරීක්‍ෂාවෙන් අසමත් වී තිබේ.
ඒ අනුව ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්‍රක්ටොන් 6000 කට අධික තොගයක් ප්‍රමිතියෙන් තොරවීම නිසා මේ වන විට නෞකා දෙකක සිරවී තිබේ.

