(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමටත් රජයේ විගණනයට යොමු කිරීමටත් කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙසේ උපදෙස් ලබා දුන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී ය.
මෙම කමිටු රැස්වීම සඳහා අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, අජිත් නිවාඩ් කබ්රාල් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර කුමාර දිසානායක, එස්. එම්. මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, රවුෆ් හකීම් ,ආචාර්ය හර්ෂ ද සිල්වා ,ෂානක්කියන් රාසමාණික්කම්, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගි වූහ.
විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධනයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම රජයේ විගණනයට ලක් කළ නොහැකි බව සඳහන් කරමින් අධිකරණයට ගොස් තිබෙන බවත් මේ නිසා මෙම ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් වැලකී සිටීම සුදුසු බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය .
රාජ්‍ය විගණනයට ලක් නොවන නිසා මෙම ආයතන දෙක කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව නොලැබෙන හෙයින් ඒවා සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය .

