
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පැවරීමට වඩාත් හොඳම මෙන්ම සුදුසුම ආයතනය ලාෆ් ගෑස් සමාගම බවත් එම සමාගම පැවරීම පිළිබඳව කටයුත්තේදී නීතිමය පියවර ගැනීමට වුවද එම සමාගම පසුබට නොවන බවත් ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (1) පැවැසීය.
ලිට්‍රෝ සමාගම ලාෆ් වෙතගැනීම සම්බන්ධ කටයුතු එම සමාගමේ අදාල අංශවලින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නවාද නැද්ද පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවක් කටයුතු කරන බවත් ඒ මහතා කීය.
ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කොළඹ පිහිටි ලාෆ් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එසේ පැවසීය.
ලිට්‍රෝ සමාගම වෙනුවෙන් ආයතන 14 ක් අභිලාශ ඉදිරිපත් කර ඇති බවත් එසේම මෙහිදී ශ්‍රී ලාංකික ආයතනයක් හැටියට ‘ලාෆ්’ සමාගමට ද සමාන අයිතිය ලැබිය යුතු බවත් ඒ මහතා පැවැසීය.
ඒ සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර එම අභිලාශ ඉදිරිපත් කළ සමාගම අතර තවත් ශ්‍රී ලාංකික සමාගම් දෙකක් තිබුණ ද ඒ අතරින් ගෑස් සැපයුම පිළිබඳ පළපුරුද්ද ඇති එම සමාගම ලාෆ් සමගාම බව කී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ලිට්‍රෝ සමාගම ලාෆ් සමාගමට නොදෙන්න හේතුවක් නොදකින බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම ශ්‍රී ලාංකීය ආයතනයක් මෙන්ම එහි ශ්‍රී ලාංකිකයන් 3,400 ක් පමණ සේවය කරනවා පමණක් නොව සමාගම සතුව නැව්, ගෑස් මෙටි්‍රක්ටොන් 30,000 ගබඩා කළ හැකි ගබඩාවක් හම්බන්තොට ඇති බවත් එම සමාගමේ ඩුබායිවල පිහිටි සම්බන්ධීකරණ කාර්යාලය යටතේ ගෑස් සැපයුම කළ හැකි බවත් සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

