ලාෆ් ගෑස් නැවැත්වුවහොත් සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්‍රෝ ගෑස් සමාගමට


(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්‍රෝ ගෑස් සමාගමට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පවැසීය.

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයන අත්හිටුවීමේ සූදානමක් පවතින බවට විවිධ මාධ්‍යවල පළවී තිබීම පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ අවදානය යොමු වී ඇති බවත් එවැනි තත්වයක් ඇති වුවහොත් සිය ආයතනයට කිසිඳු පාඩුවක් නොවන බවත් සුමිත් විජේසිංහ මහතා කීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සැළකිය යුතු ගෑස් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව කී සභාපතිවරයා පැවසුවේ එම නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්ය.