(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ලාංකිකයින් 259 දෙනකු සඳහා රැකියා හිමිවී තිබෙන බවද කාර්යාංශය කියයි.
අප්‍රේල් 28 වැනිදා ඊශ්‍රායලය බලා යාමට නියමිත කාන්තාවන් 7 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද සිදු කෙරිණි.
මේ අතර, ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීමද පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදු කෙරිණි. ඒ අතුරින් 28 දෙනකු අප්‍රේල් 28 දින හා තවත් 49 දෙනකු අප්‍රේල් මස 29 වන දින ද ඊශ්‍රායලය බලා යාමට නියමිත බව කාර්යාංශය කියයි.
ඒ පිරිසත් සමගින් ලාංකිකයින් 180 දෙනකු සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.