
(අංජුල මහික වීරරත්න)
කොරියා රජය සමඟ ඍජු සාකච්ඡා පවත්වමින් එම රැකියා ක්ෂේත්‍ර තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවැසීය.
ඔහු මේ බව කීවේ දකුණු කොරියාවේ රැකියා හිමිවු පිරිසකට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී මෙය සිදු කෙරිණි.
2026 වසරේ ජනවාරී මාසයේ සිට මේ දක්වා කොරියානු නිශ්පාදන අංශයේ රැකියාලාභීන් 1067 දෙනකුට රැකියා අවස්ථා හිමි වී තිබේ. ඉන් 68 දෙනකුට අවසන් දැනුවත් කිරීම හා ගුවන් ප්‍රවේශපත් ලබා දීම වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


