(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අප දේශපාලනය කරනවා නම් කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඇඟිල්ල දිගු කළ බවත් ප්‍රේමදාස මහතා මෙන්ම ගාමිණී දිසානායක මැරුණාම ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් හිටියේ නැතැයි කීය.
කුලල් කා ගත් සියලු දෙනා නැති වූ බව කී අබෙිවර්ධන මහතා සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට යැයි පැවසීය.
" අපි ගැටුනොත් ඒවට වෙන සතුරන් ඇතුළු වෙිවී.වෙනත් විදේශ සංවිධාන ඒවායේ ජයග්‍රහණය ලබාවි" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වල වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

