
(නිමන්ති රණසිංහ)
සැකකාර නාකොටික් නිලධාරීන් විසින් වැටලීම්වලින් භාරයට ගනු ලැබූ හෙරොයින්, ඡාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක විමලසේනගේ ලයනල් ජයරත්න යන අය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යපටබැදිගේ මහතා ලබාදුන් ඇප කොන්දේසි මත මෙම සැකකරු මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා එසේ නියෝග කළේය.
රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම සැකකරු මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කර තිබිණී.
ඒ අනුව, අද (03) පස්වරුවේ මෙම නඩුව කැදවා සැකකරු මුදා හැරීමට අධිකරණය තීරණය කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහයනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හා සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අධාර අනුබල දිම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සහාසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරිම හා සමාන්‍ය ජන ජීවිතය කඩා කප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

