ලක්ෂ ගණනක් වංචා කළ චීන කතක් අත්අඩංගුවට


(ගයාන් සූරිය ආරච්චි)

ඕස්ට්‍රේලියාවේ සංචාරක වීසා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වංචා කළ බව කියන චීන ජාතික කාන්තාවක් ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කොළඹ වංචාව විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 වියැති කාන්තාවකි.

මෙම කාන්තාව ඇමරිකානු ඩොලර් ලබාදෙන බව පවසා රුපියල් දහනව ලක්ෂ දාසය දහසක මුදලක් ද වංචා කර ඇති බව එම කාර්යාංශය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.්