
( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන්)
විදෙස් ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව කියන පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත කළුතර රජවත්ත ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහයවන බවට ලද තොරතුරක් මත කල පරීක්ෂාවේදී ගමන් මල්ලක සගවාගෙන සිටී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 513 ක් සොයා ගෙන ජාවාරම සදහා යොදාගත් බව කියන නවීන ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු.

