ලක්ෂ 30 ක ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

රුපියල් ලක්ෂ 30 කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමඟ සැකකරුවකු අද (10) අලුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් උපාය දූතයකු යොඳවා ගජමුතු මිලට ගැනීමට සැලසුම් කර  සැකකරු වව්නියාව නෙඩුන්කුලම් ප්‍රදේශයට ගෙනවා ගෙන තිබේ. එහිදී ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව නාමල්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි. සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.