
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය කලල්ගොඩ මැණික්වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ලක්ෂ 2 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු, තියුණු ආයුධ හා සන්නිවේදන උපකරණ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
තලංගම පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර මහතාට ලද තොරතුරක් අනුව නිවස වටලා පරික්ෂා කිරීමේදී කාන්තාවගේ යට ඇඳුමේ සගවා තිබූ මත්කුඩු පොලිස් කාන්තාවක් සිදුකළ පරීක්ෂාවේ දී සොයා ගත් බවත් සෙසු උපකරණ නිවසේ තැන තැන සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් පොලිස් නිලධාරීයකු පැවසීය.

