ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙකක් දැලේ


(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

දිවුලපිටිය ප්‍රදේශයේ බෙදාහැරීමට  සූදාම් කර තිබූ රුපියල් ලක්ෂ 12ක්  පමණ වටිනා   මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

 පොලිස්  නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් දිවුලපිටිය ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කිරීමේ දී මෙම  මත්ද්‍රව්‍ය  සහ මත්පෙති  අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැක කරුවන් කලක් තිස්සේ දිවුලපිටිය ප්‍රදේශයට පැමිණ මෙසේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇතැයි ඔවුන්ගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත

.