ලක් හමුදා තුර්කි යවන සාකච්ඡා ඇරැඹෙයි


(අංජුල මහික වීරරත්න)

පුද්ගලයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් වලට ආධාර සහ උපකාර සැපයීමට ශ්‍රී ලංකා හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වූ සාකච්ජාවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ආරක්‍ෂක අංශ ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටියහ.

 වසර 100 කට පමණ පසු යුරෝපයේ සිදුවූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස මෙය සදහන් වේ.

තුර්කි බලධරීන් පවසන අන්දමට තුර්කියේ මේ වනවිට පුද්ගලයන් 35,418 මියගොස් ඇති අතර සිරියාවේ 5800 කට වැඩි පිරිසක් මියගොස් ඇත.

 විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ද සාකච්ඡාවට සහභාගී විය.