ලංවීමෙන් දැනුම් දීමක්


(යොහාන් භාසුර සහ තිලිනි මධුෂානි)

විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මණ්ඩලයේ  CEBCare මොබයිල් ඇප්එක, ඔන්ලයින් බැංකු සේවාව, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාලයක්, ලංවිම සහ බැංකු  KIOSK යන්ත්‍ර, කාගීල්ස් සහ කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල් සහ  mCash යන ක්‍රමවේද හරහා විදුලි බිලපත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවන බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 ට අමතන ලෙස ද ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

පාරිභෝගිකයන් වෙත වඩාත් කාර්යක්ෂම බිල්පත් ගෙවීමක් බලාපොරොත්තු වන බව ද එම ආයතනය පවසයි.