ලංගම සේවකයන් 135කට කොරෝනා


(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 135 දෙනකු මේ වන විට කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

මෙයට අමතරව සේවකයන් 500ක් පමණ නිරෝධායනයට ලක් කර සිටින බවත් ඔහු සඳහන් කරයි.

කොරෝනා ආසාදිත ලංගම සේවකයන් වෙනුවෙන් මේ වන විට කලුතර රියදුරු පුහුණු පාසල රෝහලක් බවට පත් කරගෙන යන බවත් රණවක මහතා සඳහන් කරයි.

සෞඛ්‍යය නිරෝධායන නීති උපරිම ලෙස අනුගමනය කරමින් බස්රථ ධාවනය කිරීමට කටයුතු කරන්නැයි සියලුම සේවකයන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.