(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලබන වසරේ ශ්‍රී ලංකාවට ලඟා කර ගන්නට හැක්කේ සියයට තුනක ආර්ථික වර්ධනයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"රටේ සමස්ත ආර්ථික තත්ත්වය ගැන බලනකොට මේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන ගැටළු එනවා.ලෝක බැංකු වෙබ් අඩවියේ ලංකාවේ ආර්ථිකය ගැන කියා ඇති කාරණයක් උපුටා දක්වන්න මා කැමතියි.ලබන වසරේ ශ්‍රී ලංකාවේ තිබෙන්නේ සියයට තුනක ආර්ථික වර්ධනයක් බව ලෝක බැංකුව කියනවා.ලංකාවේ ආර්ථිකය හොඳ තැනකට ආපු කාලෙක නම් මෙවැනි යෝජනා හොඳයි.ලංකාවේ පාසල් අධ්‍යාපනය අවසන් කරන පිරිසෙන් සරසවියට ඇතුලත් විය හැක්කේ පොඩි පිරිසකට පමණයි.බොහෝ තරුණයන්ගේ රැකියාව බවට පත් වී තිබෙන්නේ ත්‍රිරෝද රියක් අරගෙන හයර් යාම.දැන් ත්‍රීවිල් හයර් යාමත් අසීරුයි.මොකද සුද්දෝ ඇවිත් ඔවුන්ම ත්‍රී රෝද රථය අරගෙන පදවනවා.එවන් තත්ත්වයක් යටතේ රටේ තරුණ පරපුර ආරක්ෂා කරගත යුතුයි යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.