ලංකාවේ පස්දෙනෙක් ඕස්ට්‍රේලියාවේදී පිට්පොකට් ගසා මාට්ටු


ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් පස්දෙනෙකු පුද්ගලයන්ගේ පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ  යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව වික්ටෝරියානු පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවවෝ දෙදෙනෙක් සහ පුරුෂයන් තිදෙනෙක්ද වෙති. එම පිරිස 26, 32, 29, 32 සහ 38 යන වයස්වල පසුවෙති

පුද්ගලයන් සත්දෙනෙකුගෙන් යුතු කල්ලියක් මෙම සොරාගැනීමේ නිරතව ඇති බවද, ලාංකිකයන් පස්දෙනා මෙම කල්ලියේ සාමාජිකයන්ව සිටි බවද පැවසේ.

ඕස්ට්‍රේලියාවේ දුම්රිය, ට්‍රෑම් රථවල මෙන්ම ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණවලදී පවා මෙම කල්ලිය මිනිසුන්ගෙන් මුදල් සොරාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
මෙල්බර්න් නුවර පරීක්ෂණ කණ්ඩායමක් විසින් කරන ලද මෙහෙයුමකදී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ඉන්දියානු ජාතිකයෝය.

සැකකරුවන් මෙල්බර්න් පිහිටි මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
(ඩේලි මිරර් ඇසුරිනි)

16844