
(අංජුල මහික වීරරත්න)
මෙරට සංචාරක, අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර වල සංවර්ධනය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව දිගටම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරයා සහ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත පෝල් සිටීවන්ස් මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඔහුට සුබ පැතීය.
මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී මෙන්ම, ඉන්පසුවද, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ලබා දුන් සහාය ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කළේය.
පසුගිය කාල පරිච්ඡේදයේ ඕස්ට්‍රේලියා රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිප දෙනකු මෙරට සංචාරය කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මහකොමසාරිස්වරයා ලබා දුන් සහාය අගය කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

