(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා ලංකාවට ඩොලර් මිලියන සීයක මුදලක් උපයා ගන්නට හැකියාව තිබුණත් දැනට ඒ ආදායම උපයා ගැනීමක් කෙරෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බ්‍රිතාන්‍ය ජල ශාස්ත්‍රීය ආයතනය ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා රාජ්‍ය භාගය ලෙස ඩොලර් දහසක් පමණක් දෙන බව කී මන්ත්‍රීවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ඩොලර් දහසක මුදල ඩොලර් 20000 දක්වා වැඩිකර ගැනීමට හැකි වූ නමුත් රටට ලැබිය යුතු මුදල එයින් ලැබෙන්නේ නැතැයි සඳහන් කළේය.
මෙරට මුහුදු තීරය හරහා නැව් හතළිස් දාහකට වැඩි ප්‍රමාණයක් යන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය පවසා තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙම නැව් හතළිස් දාහට සිතියම් දුන්නොත් ඩොලර් මිලියන සීයකට වඩා ආදායමක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙන බව පැවසීය.

