
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අධ්‍යාපන, විද්‍යා, සංස්කෘතික, ජනමාධ්‍ය, යෞවන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර වල සහයෝගිතා වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය තීරණය කර ඇත.
එකී ගිවිසුමට අනුව අධ්‍යාපන, විද්‍යා සංස්කෘතික, ජනමාධ්‍ය, යෞවන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල පළමු සහයෝගිතා වැඩසටහන සඳහා අදාප පාර්ශ්වයන්ගේ එකඟතාව පළ කර ඇතැයි රජය පවසයි.
විදේශ කටයුතු ඇමතිවරයා ඉදිරියේදී සිදු කිරීමට නියමිත රුමේනියාවේ නිල සංචාරය අතරතුරදී එකී සහයෝගිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එ් සඳහා කැබිනට් අනුමැතිද ලැබී ඇත.

