ලංකා ගුරු සේවා සංගමයට එරෙහිව අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක්


(රේඛා තරංගනී ෆොන්සේකා)

කොවිඩ් වසංගත තත්ත්වයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවේ නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංගනය වන ආකාරයට උද්ඝෝෂණයක් සිදු කර අයුතු ලෙස ජනයා ඒකරාශී කිරිමෙන් ජනජීවිතය අවධානමකට ලක්කළ බව කියමින් ලංකා ගුරු සේවා සංගමයට සහ එරෙහිව  යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ සභාපති ඩිල්ශාන් ගමගේ මහතා විසින්  කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදු කරනු ලැබිය.

මෙම පැමිණිල්ල බාර දීමට මොරටුව කේන්ද්‍ර කරගනිමින් පිහිටවා ඇති යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ ලේකම් තරිඳු රොද්‍රිගූ ජාතික සංවිධායක ආර්.එම්.කුමාර, සහ නිතිඥ මධුරංග විජයරත්න යන මහත්වරු එක්ව සිටියහ.

මෙම නීති විරෝධී උද්ඝෝෂණය සංවිධානය කළ වෘත්තීය සමිති නායකයන් සහ ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මහජන සෞඛ්‍ය අවදානම සහිත උද්ඝෝෂණය පාලනය කිරීමට ක්‍රියා නොකළ  සෞඛ්‍ය අවදානම පිළිබඳව සොයා නොබැලූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම පැමිණිල්ලේන් ඉල්ලා ඇත.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහතුන්ගේ නායකත්වයෙන් වෘත්තිය සමිති ගණනාවකගේ මූලිකත්වය යොදාගනිමින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සිදු කිරීමේදී ඔවුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාදාමය නිසා තමා ඇතුලු දෛනික රාජකාරිවලට කොළඹට පැමිණ සිටි සියලු සේවා ස්ථාන සඳහා වාර්තා කිරීමට ගිය සේවකයන් නීති විරෝධී උද්ඝෝෂණ මගින් දැඩි ලෙසම අවදානමකට ලක් වූ බව ඒ මහතා පැමිණ සිදු කරමින් කියා සිටියහ

මෙම නීති විරෝධී උද්ඝෝෂණය මගින් ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 262 වදන්ති ප්‍රකාරව රෝගයක් පැතිරෙන ආකාරයෙන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය අනුව ජන ජීවිතයට අන්තරාදායක ලෙස කටයුතු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද එම සංවිධානය පැමිණිල්ල සිදුකරමින් වැඩිදුරටත් කියා ඇත.